මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5වනදා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේය.
ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කර ඇති අතර ඉතිරි සිදුවීම් 7 යම් යම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ නමුත් මෙම වෙඩිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සැකකරුවන් 68දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ වෙඩිතැබීම් සඳහා භාවිතා කළ ටී56 ගිනිඅවි 6ක් ද පොලිස් භාරයට ගත් බවයි.
එමෙන්ම වෙඩිතැබීම් සඳහා භාවිතා කළ පිස්තෝල ගිනිඅවි 02ක් සහ වෙනත් පිස්තෝල ගිනිඅවි 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.