මැලේසියානු භික්ෂු දූත පිරිසක් බුද්ධ ශාසන ඇමති හමුවෙයි

මෙරට සංචාරයක නිරත මැලේසියානු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක්  ඊයේ (04) දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හමු වී දෙරට අතර බෞද්ධාගමික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පැවත්වීය.

මෙම හමුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එහිදී මැලේසියානු බෞද්ධ සමාජය සහ ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය අතර සමීප සබඳතාවක් පවත්වා ගැනීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් සම්පාදනය කිරීමට අවශය පියවර ගන්නා බව මැලේසියානු ‘දූත පිරිස හමුවේ ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට මැලේසියාවේ Phra Baidika Ashik Pannasiha ස්වාමින් වහන්සේ, පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක්  සමග  අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක්ද මිට සහභාගී වූහ.