තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙයි.
පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම සඳහා යාල වනෝද්‍යානය මාර්තු 01 දින සිට තාවකාලිකය වසා දැමීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමට හැකියාව ඇති මාර්ග තවදුරටත් සංචාරකයන්ට වසා තැබෙන ඇත.