අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඒ එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වෙමිනි.
එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් කඩිනමින් සවි බල ගැන්වීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය .