ලෝක තරබාරු දිනය අදයි

ලෝක තරබාරු දිනය අදට (04) යෙදී තිබෙයි.

මෙය 2015 වසරේදී ප්‍රථම වරට ස්ථූලතාව වැඩිවීම හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලදී.

එතැන් සිට මෙම දිනය වාර්ෂිකව සෞඛ්‍ය සම්පන්න බරක් ළඟා කර ගැනීමට සහ එය පවත්වා ගැනීමටත්, ස්ථූලතාව මග හැරවීමට මිනිසුන්ට උපකාර කළ හැකි ක්‍රියාවන් උත්තේජනය කිරීමට සහාය දීමත් අරමුණු කර ගෝලීය මට්ටමින් දියත් කරනු ලබයි.

ලෝක ස්ථුලතා දිනයේ ඉලක්කය වන්නේ ස්ථූලතාව පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමයි. එමගින් ස්ථූලතාවයෙන් මිදීමට සහ එමගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ට උත්තේජනයක් දීම අපේක්ශා කෙරෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන කියා සිටියේ මේ වන විට තරබාරුකම මුළු ලෝකයේම සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙන බවයි.

එමනිසා අද දිනයේදී මේ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගෙන දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙයි