නිරුවතින් බයික් පැද්ද තරුණයා පොලිසියට කොටුවෙයි

නිරුවතින් යතුරු පැදියක් ධාවනය  කළ  පුද්ගලයෙකු පොලිසිය විසින් කඩුගන්නාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙයි.

මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේය.

එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදීමකින් තොරව ගමන් කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල්වෙත ගොස් ඉන්ධනද ලබාගෙන ඇති බව සදහන් වෙයි.