පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙයි.
බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරණාතොට යන ප්රාදේශීය ලේකම් බල ප්රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රාදේශීය ලේකම් බලප්රදේශයටද අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.