උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර අඩු මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙළඳපොලේ පැවති මිලට වඩා 20% කින් පමණ භාණ්ඩවල මිල අඩු කර ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.