පෙබරවාරි මාසේ ලංකාවට වාර්තාගත සංචාරක පිරිසක්

2025 වසරේ පෙබරවාරි මාසයේදී 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇත.එම සංඛ්‍යාව 34,006කි.

එමෙන්ම රුසියාවෙන් සංචාරකයන් 29,241ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 24,830ක් පැමිණ තිබෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ මුල් මාස 2 තුළ ශ්‍රී ලංකාව සංචාරකයන් 485,102ක් පැමිණ ඇති බවයි.