නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.