ජපන් යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු විය.

Destroyer වර්ගයට අයත් ‘ASAHI’ , දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 202ක ගෙන් සමන්විතය.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇත.

නාවික හමුදාව පවසන්නේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට(03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.