පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දික් කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වලංගු කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින්  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය.