අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර

උතුරු මැද පළාතේ අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම පළාත තුළ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි සැරිසරන ප්‍රදේශ, දැනට ඇති අලි වැට, වනාන්තර ප්‍රදේශ හා මුර කුටි ඉදිකිරීම හා GIS තාක්ෂණය යොදා ගනිමින් සිතියම් ගත කිරීම සිදුකළ බව සඳහන්.

මෙම කාර්යය අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, අනුරාධපුර වන ජීවී කාර්යාලයේ හා ක්ෂේත්‍රයේ ස්ථානවල සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

විල්පත්තුව ප්‍රදේශය තුළ මෙම ඩිජිටල් සිතියම්ගතකරණය ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව ඩිජිටල් සිතියම්ගතකරණය හරහා අලි මිනිස් ගැටුම පාලනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී සාර්ථක අත්හදා බැලීම් සිදුකිරිම මෙහි අරමුණ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදුකරන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ මහතා ප්‍රකාශ කළ බවයි සඳහන් වන්නේ.