Month February 2025

පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ සභාපති – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පත් කර ඇත. එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරිය මෙණෙවියගේ නම යෝජනා කරන බව සභානාය‍ක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 2025 වසර සඳහා…

ප්‍රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තනතුරු

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය…

පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්න-ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ජනතාවගෙන් ඉල්ලයි

ශුද්ධෝත්තම ෆ්‍රැරැන්සිස් පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්නැයි කතෝලික දේව සභාව වෙනුවෙන් අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ සටහන් විශාල ප්‍රමාණයක් මේවන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින්…

ත්‍රිවිධ හමුදාවෙන් පැන්න අය වහා අල්ලන්න ආරක්ෂක ලේකම්ගෙන් නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. ඒ අනුව දැනට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී නොමැතිව සේවය හැර ගිය සියලු ත්‍රිවිධ හමුදා සෙබළුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග…

ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කම

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ආයතන පරිශ්‍රයේදී ඊයේ (24) පැවැත්විණි. එහිදී ඩී.ආර්. විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු. ඡායාරූපය – හිරන්ත ගුණතිලක

ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි තමා තුළ ඇත්තේ විශේෂ ආදරයක් බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පෙරේදා (23) අනුරාධපුර විහාර භූමියේ…

හලාවත දුම්රිය ස්ථානය ‘ක්ලීන්’ කිරීමට හලාවත බාලදක්ෂයෝ එක්වෙති

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහනේ හලාවත දුම්රිය ස්ථානය පිරිසුදු කිරීම හලාවත බාලදක්ෂ බාලක බාලිකාවන් විසින් පසුගියදා (22) සිදුකෙරිණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් ස්වාමිවරයාගේ 168 වන…

කෘෂි – සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනයට වියට්නාමය සතු අත්දැකීම් බෙදා ගැනීමට සූදානම්

කෘෂිකාර්මික,සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව වියට්නාම තානාපතිනිය පැවසුවාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් පෙරේදා…

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩට අරන්- හාඩ්වෙයාර් එකකින් ටී-ෂර්ට් ගත්තැයි බිලකුත් අරන්

ජනාධිපතිවරණ සමයේදී ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මඟින් රුපියල් මිලියන 188ක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර කාරක සභාවේදී පසුගියදා අනාවරණය කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණඩලය ඇතුළු නිලධාරීන් එම කාරක සභාවට කැඳවූ…

අද රාත්‍රීයේ සිට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

අද(24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී…