Month February 2025

පොල් ගෙඩි මද මිලියන 200ක් ආනයනය කිරීමට පියවර

පවතින පොල් හිඟයට පිළියම් යෙදීම සඳහා ඉදිරි සති දෙක තුළදී පොල් ගෙඩි මද මිලියන 200ක් ආනයනය කිරීමට රජය පියවර ගන්නා බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පවසනවා. ඒ අනුව මේ වන විට රුපියල් 180ත් 250ත් අතර මිලක පවතින…

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් අගමැතිගේ මූලිකත්වයෙන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන්. මෙහි දී…

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා ඒ අනුව මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා වෙබ්…

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භ කෙරිණි.…

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි – සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා…

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට අමෙරිකාවේ දොරටු විවෘත කරයි

2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි. එසේම නැව්ගත කිරීමේ කාලය අඩුවීම, අඩු තීරුබදු සහ එක්සත් ජනපදයේ මෙහෙයුම් ස්ථාපිත…

ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුත් මාර්ග සංඥා පුවරු

ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් වායු විමෝචන අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධානය…

සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට

නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය. නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශික සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත. මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී…

පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු නැහැ

රට තුළ වාසය කරන පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර නොමැති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි. නිකවැරටිය ප්‍රදේශයේ ජනතාව වෙත ඉඩම් පවරා දීමේ උත්සවයක් ඊයේ(31) අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය…

වැසි තත්ත්වයේ අඩුවීමක්

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…