Month February 2025

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක්, ඉන්දියාවේ අයවැයෙන්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව…

ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී

මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

විදෙස් දුම්වැටි තොගයක් සමග ගණකාධිකාරීවරයෙක් ගුවන් තොටුපළේ දී මාට්ටු

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද අලුයම 12.15  ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-…

අවිධිමත් ලෙස කසළ බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

හැටන් දික්ඔය නගර සභා සිමාවේ මහජනතාව ගැවසෙන පොදු ස්ථානවල අවිධිමත් ලෙස කැලි කසල බැහැර කල ප්‍රදේශවාසින් පස්දෙනෙකු හැටන් පොලිසියේ පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර කාන්තාවන් කිහිපදෙනෙකු සිටින බවත්, සැකකරුවන් රාත්‍රි කාලයේ ඉතා සුක්ෂම ලෙස නිවසේ එක්රැස් වන…

මවට නින්ද ගිය අතරේ කිරි කැටියා ළිඳට වැටී මරුට

අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ  (01)  අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මැදගම මෑල්ලගම මල්ගස්තලාව පැල්ගහවත්ත පදිංචිව සිටි ඩී.එම් විනුර විතුල්ක දිසානායක නැමති දරුවෙකි. දරුවාගේ පියා එදින උදෑසන කුලී වැඩකට ගොස් ඇති අතර…

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙක් පත් කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත. ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම්…

රේගුවේ නව ඒකකයෙන් දූෂණ අක්‍රමිකතාවලට වැට

ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කීය. එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලද නිර්දේශ කර ඇති බව පෙන්වා දුන් අරුක්ගොඩ මහතා ඒ අනුව…

ටිබෙට් සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේ 38නමක් ශ්‍රී ලංකාවට

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යටතේ ටිබෙට් ජාතික සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 38 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. දින 15 ක අධ්‍යයන චාරිකාවක් සඳහා ඔවුන් මෙලෙස ඊයේ(01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලෙන් පැමිණ ඇත. මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට ටිබෙට්…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මීගමු කලපුවට කළඑළියක්

අනිසි ලෙස කුණු කසල බැහැර කිරීමත්, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න කොටස් නිසාත්, අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර නැවත යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ඊයේ…

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02)දිනසිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මඩකලපුව, අම්පාර සහ මුලතිව්දිස්ත්‍රික්කවලවැසි ස්වල්පයක් ඇති විය හැක. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ…