Month February 2025

ජොන්ස්ටන්ගේ BMW නඩුව සුජීවගේ V-8 නඩුව ජූලි 2 කැඳවයි

ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූලි මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

නාමල්ට 18දා උසාවි එන්න නොතීසි

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය…

අල්ලස් නඩුවක පැමිණිල්ලට ඇමැති විජිත සාක්ෂි දෙයි

මහජන නියෝජිතයෙක් ලෙස තමාට ජනතාවගෙන් විවිධ ආකාරයේ තොරතුරු සහ පැමිණිලි ලැබෙන බවත් ඒ ආකාරයට ලැබුණු පැමිණිලි කිහිපයක් 2015 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කළ බව ඇමැති විජිත හේරත් මහතා ඊයේ (05දා) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි…

පාස්පෝට් තදබදය මඬින්න පැය 24ම වැඩ

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීමේ අරමුණෙන් දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ගැනීමට…

කෝටියකට වැඩි කුෂ් එක්ක ඉන්දියානුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ටොෆි සහ චොකලට් පැකට් ලෙස සකස් කර සිය ගමන් මලුවල සූක්ෂ්ම ලෙස සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවයෑමට තැත් කළ විදේශික ගුවන් මගියකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (04) සවස අත් අඩංගුවට…

රනිල්ගේ කාලයේ පොල්තෙල් සමාගම් 4ක් බිලියන 5.8ක බදු පොලු තියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලය තුළ මෙරටට පොල්තෙල් ගෙන්වන සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇති බවත් සමාගම් හතරක් රුපියල් බිලියන 5.8ක බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්…

සුජීව සේනසිංහට මිලියන 250ක් ගෙවන්න හිටපු මන්ත්‍රී සී.බී.ට නියෝග

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 250ක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතාට ඊයේ (05) නියෝග කළාය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි…

බණ්ඩාරවෙල සිට දෙමෝදර අතර නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක්-ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහාය

උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටසේ නිරන්තරයෙන් ඇතිවන නායයෑමේ අවදානම වැළැක්වීමට කඩිනම් ස්ථීර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ…

මණ්ඩලය වී මිල නියම කරයි

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ඊයේ (05) මිල ගණන් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ප්‍රමිතිගත (වේළන ලද) නාඩු (සුදු/රතු) වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක මිලක් ද, කීරි…

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පර්මිට් නෑ-ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන…