Month February 2025

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. ඉන්දීය තානාපතිතුමා සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් ආනන්ද් මුකුන්දන්…

සෑම දරුවකුටම අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීම රජයේ අපේක්ෂාවයි – අගමැති

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය…

රාජ්‍ය සේවා ඩිජිටල්කරණ ගෙවීම් පහසුකම් 3ක් අද ජනපති අතින්

රජයේ සේවා ලබාගැනීමට යෑමේ දී ජනතාවට වැය වන කාලයත්, මුදලත් අඩුකර ගැනීමේ මුල් පියවරක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණ ගෙවීමේ පහසුකම ඇතුළු පහසුකම් 3ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇරඹේ. රජයේ ආයතන 16ක සේවා…

ප්‍රශ්න කරන්න යන විට හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර ගෙදර නෑ

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක ලියාපදිංචි අංකයෙන් කොටස් එකලස් කර සකස් කළ එම වර්ගයේම ජීප් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් ගැන පුත්තලම දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන…

ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සමට විරෝධතාවලට දින දෙයි

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබා දුන්නේය.…

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයෝ 77 වැනි නිදහස් දිනය සමරති

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධාන කළ 77 වැනි නිදහස් සැමරුම් උලෙළ ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාවෙන් යුතුව පසුගිය 4 වැනිදා SEAMEO කලාපීය භාෂා මධ්‍යස්ථානයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. සිංගප්පූරුවේ මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළට, සිංගප්පූරුවේ ජීවත්…

ගුරු අධ්‍යාපනඥයන් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදීලා-ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති අසිත බස්නායක

දීර්ඝ කාලයක් පුරා පැවැති ගුරු සහ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් නොසලකා හැරීමෙන් වසර තුනක් පටන් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති අසිත…

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු-මැද  පළාත්වලත් ගාල්ල, මාතර…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු කෝටි 122ක වන්දි අරන්-ඇමැති නලින්ද නම් ලැයිස්තුව මැතිසබයේදී දිග හරියි

– සාමාන්‍ය මිනිසකුගේ මුළු දේපොළම විනාශ වුණත් ලැබෙන්නේ ලක්ෂ 25යි– වැඩිම මුදල කෙහෙළියට ලක්ෂ 959යි– ජොන්ස්ටන්ට ලක්ෂ 934යි: ලොකුගේට ලක්ෂ 749යි වසර 2022 පැවති අරගල සමයේදී දේපොළ හානි වූ බව පවසමින් දේශපාලනඥයන් 43 දෙනකු විසින් රුපියල් කෝටි 122.4ක වන්දි මුදලක් රජයෙන් ලබාගත් ආකාරය ආණ්ඩු…

වෛද්‍ය අනිල් ජාසිංහ චෝදනාවලින් නිදොස් වී සිටිනවා

2016-2017 වසරවලදී ජාතික රෝහලට ආහාර මිලදී ගැනීම සම්බන්ධයෙන්, සිදුකරන ලද විගණන විමර්ශනය තුළින් අනාවරණය වූ කරුණු අනුව එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිදොස් කොට නිදහස් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද…