Month February 2025

හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර-පුතා අත්අඩංගුවට

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක ලියාපදිංචි අංකයෙන් කොටස් එකලස්කර සකස් කළ එම වර්ගයේම ජීප් රථයක් ව්‍යාජ අංක තහඩු යොදා පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

පාන් රු.10කින් බහී

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ. පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා ආයතන තීරණය කිරීමත් සමඟ බේකරි නිෂ්පාදකයන් ද තම නිෂ්පාදනවල මිල අඩු කිරීමට එකඟතාවට පැමිණි බව වෙළෙඳ…

පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

අවම වැටුප් පනත සංශෝධනයට මෙම වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. අප්‍රේල් 01 වැනිදා සිට…

නාමල්ට අධිචෝදනා ඇඟිලි සලකුණු ගන්නත් නියෝග-මිලියන 20ක ශරීර ඇප

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ…

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වසර නවයකට පසු වැඩි කළා-නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අය-වැය තුළින් රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩිවීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (18) පැහැදිලි කළේය. 2016 වසරින් පසුව රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප කිසිසේත් වැඩි නොවූ…

සවස් කාලයේ තැනින් තැන වැසි ලකුණු

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අම්පාර  දිස්ත්‍රික්කයේ  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

අධික වියලි කාලගුණය නිසා ජලය ප්‍රවේසමෙන් භාවිතා කරන්න

අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින හෙයින් අත්‍යාවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙයි. පවතින උෂ්ණාධික තත්ත්වය නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින…

අප්‍රේල් සිට තවත් රාජ්‍ය ආයතන 30කට GovPay ඔස්සේ ගෙවීමට අවස්ථාව

2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය ආයතන 30කට GovPay හරහා ගෙවීම් සිදුකිරීමට පහසුකම් සලසන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි. රාජ්‍ය ආයතන 15ක් සඳහා දැනටමත් GovPay හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග…

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ​ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයෙන් නිවේදනයක්

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝහල්ගත කළ අතර පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනයක් නිකුත් කර ඇත. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කර තිබුණි.…

කැනඩාවේ ගුවන් යානයක් පෙරළී 18 කට තුවාල

කැනඩාවේදී ගුවන්යානයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 80දෙනෙක් රැගත් ගුවන්යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරින් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ…