නොච්චියාගම – රැඹෑවැව මේ වන විට ජලජ ශාකවලින් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීම හේතුවෙන් ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි පීඩාවට පත්ව සිටිති.
තම ගම්මානයේ පවුල් 110ක් පමණ ජීවත්වන අතර ඔවුන්ගේ ජල අවශ්‍යතා මෙන්ම ගොවිතැන සඳහා ද ජලය ලබා ගන්නා මෙම වැව වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකළ බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් වියළි කාලයේදී ගවයන් ඇතුළු සතුන්ට බීමට ජලය ලබා ගන්නා එකම වැව ද මෙය වන අතර බලධාරින් මැදිහත් වී මෙම වැව හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටී.