මාර්තු මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ එක් තරගයක නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 25000ක් (ශ්රී ලංකා මුදලින් රුපියල් 85000ක්) ගෙවීමට සූදානම් වේ.
පසුගිය තරගවාරයේදී මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එක් තරගයකට ‘චියර්ලීඩර්ස්’ නර්තන ශිල්පිනියකට ඉන්දීය රුපියල් 20,000ක් (ශ්රී ලංකා මුදලින් රුපියල් 67887) හා කල්කටා නයිට් රයිඩර්ස් පිල එක් දිනකදී ගෙවීම ඉන්දීය රුපියල් 23,000ක් (ශ්රී ලංකා මුදලින් රුපියල් 78070ක්) ගෙවනු ලැබීය. එහෙත් ඉදිරි තරග වාරයේදී ඔවුන්ගේ අවම ගෙවීම ඉන්දීය රුපියල් 25000ක් වනු ඇත. ඒ සමඟ ඔවුන්ගේ නවාතැන් හා ආහාර පාන පහසුකම් වෙනම සැපයේ.
ඇරොබික්, ජිම්නාස්ටික් සහ බටහිර නර්තන ආකෘතීන් අනුව නර්තනයේ යෙදෙන ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියන් මඟින් නරඹන්නන්ට විනෝදාස්වාදය ලබා දෙනවා පමණක් නොව, සමස්ත තරගයේම උද්යෝගය වැඩි දියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.