අමෙරිකාවේ හිටපු නළුවකු වන ඔස්කාර් සම්මානලාභී ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිය බෙට්සි ඇරකාවා නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සැන්ටා ෆේ ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේදි අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 95 හැවිරිදි නළුවා සහ 64 හැවිරිදි බිරිය සමඟ ඔවුන්ගේ බලු සුරතලා ද මිය ගොස් සිටියදී සැන්ටා ෆේ ප්‍රදේශය බාර ෂෙරිෆ්වරයා ප්‍රකාශ කර ඇති අතර, එය ඝාතනයක් නොවන බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ද සඳහන් කර තිබේ. කෙසේ වුවද මරණයට හේතුව මෙතෙක් හෙළි වී නැති බව ද වාර්තා වේ.
දශක 6කට වැඩි කාලයක් හොලිවුඩ් නළුවකු ලෙස රංගන ජීවිතයට එක්වී සිටි ජීන් හැක්මන් 1971 වසරේදී ‘දි ෆ්‍රෙන්ච් කනෙක්ෂන්‘ චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වී ඇති අතර, ඊට වසර 20කට පසුව 1992 දී ‘අන්ෆොගිවන්‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගෙන තිබේ.