කල්පිටිය සංචාරක කලාපයේ දිගුකලක් තිස්සේ පැවති විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන්, විදුලිය නොමැති පළාත්වලට රුපියල් මිලියන එකොළහක් වටිනා සූර්ය ශක්තියෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බැව් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා පවසයි. සංචාරක කලාපයේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වයඹ පළාත් සභා මුදල් කොමිසමේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.