මහවැලි අධිකාරිය මගින්,ක්‍රියාත්මක කරන මහවැලි පුනරුද සතියට සමගාමීව මහවැලි සී කලාපයේ ප්‍රදේශවල කාන්තා ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ Òදිරිය ශක්ති ප්‍රසාද ප්‍රදානÓ වැඩසටහන මගින් ජුකී මැෂින් දොළහක් කාන්තාවන් වෙනුවෙන් ලබාදීම පසුගියදා සිදු කෙරිණි.මෙහි වටිනාකම රුපියල් මිලියන 1.5ක් වේ. එමෙන්ම තරුණ ව්‍යවසායකයන් සඳහා යකඩ පෑස්සුම් යන්ත්‍ර, සබන් නිෂ්පාදන සහ ඇඹරීමේ යන්ත්‍ර ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.Óමහවැලි පදනම ශිෂ්‍යත්ව අරමුදලÓ යටතේ මහවැලි සී කලාපයේ පාසල් දුදරුවන්ට පාසල් හතක් වෙනුවෙන් පොත් අල්මාරි 14ක් ද, පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11කට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට මුල්‍ය පරිත්‍යාග වෙනුවෙන් රුපියල් 24000ක වටිනාකමින් යුත් චෙක්පත් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.
විදේශ රැකියා ඉලක්ක කර ගනිමින්, ගල්කුලම පිහිටි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ආයතනයේ දින විස්සක බරවාහන සහ එක්ස්කැවේටර් පුහුණු පාඨමාලාව හැදැරූ තරුණයන්ට අදාළ සහතික පත්‍ර ලබා දීමද මෙහිදී සිදු කෙරිණි. මේ වැඩසටහන දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති අතර, මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර එච්.එම්.කේ.ආර්. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
බුද්ධිකා ඉඹුලාන