පාප් වහන්සේට සුවය පතා මහා බෝධි විහාරයේ පින්කමක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය පතමින් මහාබෝධි විහාරයේ ආශීර්වාද පූජාවක් පැවැත්විණි. මේ අවස්ථාවට ජාතික සහ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් ද සහභාගි විය. වතිකානයේ නවතම නිල නිවේදනයට අනුව ශුද්ධෝත්තම පියතුමන් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර පැවති තත්ත්වයට වඩා තරමක් යහපත් අතට උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පත්ව ඇති බව එහි සඳහන් වේ.

පාප් වහන්සේ ගාසාහි මීසම් සේවක පියතුමන්ට දුරකතනයෙන් අමතා ඇති බව ද සඳහන් වේ.

නෙරංජලා වික්‍රමසිංහ