හලාවත දුම්රිය ස්ථානය ‘ක්ලීන්’ කිරීමට හලාවත බාලදක්ෂයෝ එක්වෙති

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහනේ හලාවත දුම්රිය ස්ථානය පිරිසුදු කිරීම හලාවත බාලදක්ෂ බාලක බාලිකාවන් විසින් පසුගියදා (22) සිදුකෙරිණි.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් ස්වාමිවරයාගේ 168 වන ජන්ම දිනයට සමගාමීව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර දිසා කොමසාරිස් නලින් රවින්ද්‍ර මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙය සංවිධාන කර තිබිණි. හලාවත හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන), බාලදක්ෂ විධායක කමිටුවේ හිටපු සභාපති නොයෙල් නෝනිස් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.