පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පත් කර ඇත. එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරිය මෙණෙවියගේ නම යෝජනා කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 2025 වසර සඳහා වන අය-වැය විවාදය ආරම්භ කිරීමට පෙර සභානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න