බෝට්ටු හා වරාය ආශ්රිත සේවා කර්මාන්තයේ ක්‍රියාකාරී ජාතික සැලැස්ම ඉදිරි මාස තුන තුළ සිදු කෙරෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මෙහි සැලැස්ම නිර්මාණය කිරීම සඳහා පැවති මූලික සාකච්ඡාව එම ක්ෂේත්රයේ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය සමඟ පසුගියදා (21) පැවැත්විණි.
වර්තමානයේ ඩොලර් මිලියන 200කට ආසන්න බෝට්ටු ලංකාව අපනයනය කරන අතර, බහුතරයක් මෙරටට අවශ්‍ය ධීවර බෝට්ටු නිෂ්පාදනය කරනු ලබයි.
මුහුද ආශ්රිත කර්මාන්තයේ විභවය ඩොලර් බිලියන 2ක් වන අතර මෙම කර්මාන්තයේ ක්‍රියාකාරී ජාතික සැලැස්ම ඉදිරි මාස තුන තුළ සිදු කිරීමටත් වර්තමානයේ ඇති ගැටලුවලට විසඳුමක් සෙවීමටත් මෙහිදී එකඟතාව පළ විය.
නෙරංජලා වික්‍රමසිංහ