කෘෂිකාර්මික,සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව වියට්නාම තානාපතිනිය පැවසුවාය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් පෙරේදා (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී තානාපතිනිය එසේ ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග් (Le Van Huong), තානාපතිනියගේ ලේකම් රම්‍යා නිලංගනී මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න