සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කෙසෙල්බද්දර පද්මේගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකර ඇති බවයි.

සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය 19 වැනිදා අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 මැදිරියේ විත්තිකූඩුව තුළදි ඝාතනයට ලක් විය. ඝාතනය සිදුකළ වෙඩික්කරු පලා යමින් සිටියදී එදිනම අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී ය.