හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව නැවත වරක් සලකා බැලීමට පියවර ගන්නැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
අධිකරණ භූමිය තුළ පෙරේදා (19) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
‘අපි ඊයේ දැක්කා ඓතිහාසික හින්දි දමිළ චිත්‍රපටයක්. රාජ්‍ය ආරක්ෂාව හෑල්ලුවට ලක්කරපු වත්මන් රජය දැන් මොකද කියන්නේ? හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළා. මර්මස්ථානවල ආරක්ෂක බැමි කඩා ඉවත් කළා. පාරවල් ඇරියා.
අද උසාවි සංකීර්ණයට ඇවිල්ල මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිටට ඇවිල්ලා වෙඩි තියලා යනකන් රාජ්‍ය ආරක්ෂාවේ අය මොකද කරේ? හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව නැවත වරක් සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.
උසාවියට ඇවිල්ල ගැහුව නම් ආයෙ මොකක්ද? අවුරුදු හැත්තෑ ගණනක සාපයට චෝදනා කළා. දැන් පේනවා නේද කාගේද සාපෙ කියලා. මේ දවස්වල මොනව කරත් වඳුරන්ට චෝදනා කරනවා.’