විජය බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා දුන්නේ නෑ-37 වැනි විජය ගුණ සම­රු­වේදී විපක්ෂ නායක කියයි

විජය කුමා­ර­තුංග කියන්නේ බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා නොදුන් නාය­ක­යෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ විජය කුමා­ර­තුංග මහ­තාගේ 37 වැනි ගුණ සම­රුව කොළඹ නව නගර ශාලා­වේදී ඉකුත්දා (15) පැවැති උත්ස­ව­යට එක් වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

විජය කුමා­ර­තුංග මහතා නිර්ව්‍යාජ චරි­ත­යක්. කලා ක්ෂේත්‍රයේ ඉහ­ළම තල­යට ගියා වගේම මුළු රටම පිළි­ගත් ජන­ප්‍රිය සිනමා නළු­වෙක්. ඔහුට අති­වි­ශිෂ්ට ගුණාංග රැසක් තිබුණා. අවංක පිරි­සුදු නිර්ව්‍යාජ චරි­ත­යක් නිසාම හද­වතේ තිබූ සෑම අද­හ­සක්ම එළි­පිට ප්‍රකාශ කළා. වාසි සහ­ගත යැයි සිතුණු අව­ස්ථා­වල බලය වෙනු­වෙන් ප්‍රති­පත්ති පාවා දුන්නේ නෑ.

පොදු­ජ­න­තා­වගේ දුක දැක ගත යුතු ක්‍රියා­මාර්ග නොපැ­කි­ළිව ගන්නා පාල­න­යක් රටට අව­ශ්‍යයි. විජය කුමා­ර­තුංග මහතා දේශ­පා­ල­නය කළ කාලයේ සෑම ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ­ය­කින් ඔහුට පහර ගැසු­වත් ඔහු නොසැලී කට­යුතු කළා.  නිර්භීත ලෙස අධි­ෂ්ඨා­න­ශී­ලීව, කාර්ය­ක්ෂම, කාර්ය­ශූ­රව ඉලක්ක සම්පූර්ණ කරන්න සෑම පරි­ත්‍යා­ග­යක්ම කළා.

මානව අයි­ති­වා­සි­කම් ලෙස සල­කන්නේ සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් පම­ණක් වුවත් මානව අයි­ති­වා­සි­ක­ම්ව­ලට පුළුල් පරා­ස­යක් තිබෙ­නවා. ආර්ථික, සමා­ජීය, සංස්කෘ­තික අයි­ති­වා­සි­ක­මක්ම තිබිය යුතුයි. අධ්‍යා­ප­නය, සෞඛ්‍ය, කෘෂි­ක­ර්මා­න්තය, කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩ කරන ජන­තාව කර්මා­න්ත­ක­රු­වන් ආදී සෑම දෙනා­ගේම අයි­තීන් ආරක්ෂා කරන්න පුළුල් අර්ථ­ක­ථ­න­යක් ඇති මානව අයි­ති­වා­සි­කම් පිළි­ගත යුතුයි. විජය කුමා­ර­තුංග මහතා හද­ප­ත්ලෙන්ම එය පිළි­ගත් නාය­ක­යෙක් වෙනවා යැයි කීවේය.

එජාප සභා­පති වජිර අබේ­ව­ර්ධන මහතා – මම මෙතැන වාඩි­වෙලා ඉන්න අව­ස්ථා­වේදී මට මතක් වුණා අතී­තයේ පාර්ලි­මේ­න්තුව. එදා මගේ වම් අත පැත්තේ හිටියේ ඔසී අබේ­ගු­ණ­සේ­කර. එතුමා අද ජීව­තුන් අතර නැහැ. මගේ දකුණු අත පැත්තේ හිටියේ ගාමිණි විජේ­සේ­කර මහ­තායි. එතුමා අද ජීව­තුන් අතර නැහැ. පුටු­වක් එහා­යින් හිටියා ආචාර්ය කරු­ණා­සේන කොඩි­තු­වක්කු. එතුමා තොට­ළඟ බෝම්බ­යට අහු වෙලා කෙසේ හෝ වේදි­කා­වෙන් විසි­වුණු නිසා අද ජීව­තුන් අතර ඉන්නවා.

අපි අද මේ කතා කරන විජය කුමා­ර­තුංග මහතා මිය යන්නෙත් අකා­ලයේ. අෂ්රොෆ් උඩු­ගු­ව­නේදී නැති වෙනවා. නීලම් තිරු­චෙ­ල්වම් වෙඩි කාලා මැරෙ­නවා. අමි­ර්ත­ලිං­ගම්, ලක්ෂ්මන් කදි­ර­ගා­මර් මේ අයත් අකා­ලයේ වෙඩි කාලා මියැ­දෙ­නවා.

දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යි­නුත් මේ ගැන හොඳ අව­බෝ­ධ­යෙන් සිටිය යුතු වෙනවා. අපි එක­මු­තු­ක­මක් ගැන කතා කර­නවා. ඒත් අපි ඉන්නේ කොතැ­නද? බල­න්නකෝ අපේ ජාතික නාය­කයෝ කිසි කෙනෙක් අද ජීව­තුන් අතර නැහැ. ඔබ කල්ප­නා­වෙන් මේ රටේ දේශ­පා­ල­නය කළ­යු­තුයි. අපි ජාති­යක් ලෙස කල්ප­නා­වෙන් වැඩ නොක­ළොත් ශ්‍රී ලංකාවේ අනා­ග­තය අඳු­රුයි.

ශ්‍රී ලංකා ලංකා මහ­ජන පක්ෂයේ නායක අසංක නව­රත්න, හිටපු අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, හිටපු ඇමැ­ති­වරු වන තිස්ස විතා­රණ, මහින්ද අම­ර­වීර, ඩලස් අල­හ­පෙ­රුම, ජී.එල්. පීරිස්, සාගල රත්නා­යක මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.