රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නාමය සහ තනතුර වංචනික ලෙස භාවිත කරමින් වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිණුම් අංක ද සඳහන් කරමින් විවිධ හේතු දක්වමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීම් සිදු කරන බවත් රේගුව සඳහන් කරයි.
මෙම වංචනික පුද්ගලයන්ගේ ක්රියාකලාපයන්ට හසු නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනි ඉල්ලීමක් ලදහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙසත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඉල්ලීමක් කරයි.