අක්ෂි ප්‍රති­කාර වෙනු­වෙන් ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට සෞදි අරා­බි­යානු රජ­යෙන් පිය­වර

ශ්‍රී ලංකා – සෞදි අරා­බි­යානු මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් හම්බ­න්තොට සහ කාත්ත­න්කුඩි රජයේ රෝහ­ල්වල සිදු කරන අන්ධ­භා­ව­යට ප්‍රති­කාර කිරීම සහ ඒ සඳහා හේතු වන රෝග මර්ද­නය කිරී­මට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට සෞදි අරා­බි­යානු රජය පිය­වර ගෙන තිබේ.

ඒ අනුව රෝගීන් දහස් ගණ­නක් සඳහා සැත්කම් සිදු කිරීම, ඔවුන්ට වෛද්‍ය සේවා සැප­යීම, ඖෂධ, වීදුරු සහ කාච දීම සහ සෞඛ්‍ය දැනු­ව­ත්භා­වය දීම ඇතු­ළත් වේ. කාත්ත­න්කුඩි ප්‍රදේ­ශ­යේදී එම වැඩ­ස­ට­හන පසු­ගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැති බව ද, වල­ස්මුල්ල ප්‍රදේ­ශ­යේදී පෙරේදා 18 වැනිදා මේ වැඩ­ස­ට­හන ආරම්භ වූ බව ද ශ්‍රී ලංකාවේ සෞදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය පව­සයි.

මේ ව්‍යාපෘ­තිය සහන සහ මානු­ෂීය කට­යුතු සඳහා වූ සෞදි අරා­බි­යාවේ සල්මාන් රජුගේ මධ්‍ය­ස්ථා­නය විසින් සංවි­ධාන කරන ලද ව්‍යාපෘ­ති­වල දිගු­වකි.

මේ මුල­පි­රීම වෛද්‍ය අංශ­යට පම­ණක් සීමා නොවූ අතර, අක්ෂි රෝග වැළැ­ක්වීම සහ තිර­සර සෞඛ්‍ය සේවා­වක් සඳහා සහා­යක පරි­ස­ර­යක් සැප­යීම අර­මුණු කර ගත් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් හරහා දේශීය ප්‍රජා­වන් අතර සෞඛ්‍ය දැනු­ව­ත්භා­වය වැඩි­දි­යුණු කිරීම ද මීට ඇතු­ළත් වෙයි. මේ උත්සා­හ­යන් ශ්‍රී ලංකාවේ දහස් ගණ­නක් ප්‍රති­ලා­භීන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ධනා­ත්මක බල­පෑ­මක් ඇති කරන අතර, බලා­පො­රොත්තු නැවත ඇති කර ඔවුන්ගේ දෘශ්‍යා­බා­ධි­ත­භා­වය නිසා ඇති වූ අභි­යෝග ජය ගැනී­මට උප­කාරී වන බව ද එම තානා­පති කාර්යා­ලය පෙන්වා දෙයි.