සිංගි­මලේ රක්ෂි­තයේ ගින්නක්

පව­තින අධික වියළි කාල­ගු­ණ­යත් සමඟ හැටන් සිංගි­මලේ රක්ෂි­තයේ ඊයේ (19) ගින්නක් හට­ගෙන තිබුණි.

ජාතික ජල සම්පා­දන මණ්ඩ­ලයේ හැටන් පාරි­භෝ­ගික සේවා මධ්‍ය­ස්ථා­න­යට පානීය ජලය ලබා ගන්නා සිංගි­මලේ ජලා­ශය අස­ලින් ගින්න හට­ගෙන ඇති බවත්,  එම ජලා­ශයේ දිය නෑමට ගිය කිසි­යම් පුද්ග­ල­යකු හෝ පිරි­සක් විසින් මෙම ගිනි තැබීම සිදු කර­න්නට ඇති බවට හැටන් වන අඩවි කාර්යා­ලයේ නිල­ධා­රීහු සැක කරති.

සිංගි­මලේ ජලා­ශයේ ප්‍රධාන ජල මුලා­ශ­යක් වන සිංගි­මලේ රක්ෂි­තයේ වටිනා ගස් සහ වන කඳු­කර ප්‍රදේ­ශ­යට ආවේ­ණික සතුන් රැසක් සිය වාස­ස්ථා­නය කර­ගෙන ඇත.

පැතිර යන ගින්න පාල­නය කිරී­මට එය ආව­ර­ණ­යට ගිය මාධ්‍ය­වේ­දීන් පිරි­සක් උත්සහ කළද,  ගින්න පාල­නය කිරී­මට කිසිදු වග­කිව යුතු නිල­ධා­රි­යෙක් එම ස්ථාන­යට පැමිණ නොසි­ටි­යේය.