මෙරට පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­න­යට ඉන්දීය රජයේ සහාය-ඇමැති සුනිල් හඳු­න්නෙත්ති

මෙරට අත්යන්ත්‍ර පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­නය සඳහා සහාය දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය.

ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති ඉන්දි­යාවේ විශා­ලම පේෂ කර්මාන්ත ප්‍රද­ර්ශ­නය වන “භාරත් Tex 2025” පේෂ­කර්ම ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන ආරා­ධි­ත­යකු ලෙස සහ­භාගි වූ ඇමැ­ති­ව­රයා ඉන්දි­යාවේ පේෂ කර්මාන්ත ඇමැති ගිරි­රාජ් සිං මහතා හමු වූ අව­ස්ථා­වේදී මේ එක­ඟ­තා­වට එළැ­ඹිණි.

එසේම ඉන්දි­යාව විසින් ලංකා­වෙන් ලබා ගන්නා රෙදි­පිළි කෝටාව වැඩි කර­ගැ­නීම පිළි­බඳ දෙරටේ ඇමැ­ති­ව­රුන්ගේ අව­ධා­නය යොමු කර ඇති අතර, දෙරට අතර ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ තාක්ෂ­ණික හුව­මා­රුව සඳහා අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළ­ඹී­මට ද එහිදී තීර­ණය විය.  මේ සංචා­ර­යේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත ඇමැති පියුෂ් ගෝපාල් මහතා හමු වූ ඇමැ­ති­ව­රයා දෙරට අතර පව­තින ආයෝ­ජන අවස්ථා පුළුල් කර­ගැ­නීම පිළි­බ­ඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එසේම ඇමැ­ති­ව­රයා හමු වූ ඉන්දීය ගල් අඟුරු හා කැණීම් ඇමැති සතිස් චන්ද්‍ර දුබේ මහතා සිමෙන්ති සහ ඛනිජ වැලි­වල අගය එකතු කිරීම පිළි­බ­ඳව සාකච්ඡා කළ අතර, මෙරට ඛනිජ වැලි, මිනි­රන්, පොස්පේට් කර්මාන්ත ක්ෂේත්‍ර­වල ආයෝ­ජ­නය කිරී­මට ඉන්දීය ආයෝ­ජ­ක­යන් උන­න්දු­වක් දක්වන බවත්, ඉදි­රි­යේදී එම ආයෝ­ජ­ක­යන් ලංකා­වට පැමි­ණෙනු ඇති බවත් සහ­තික විය.

මේ සංචා­ර­යට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ මහතා ද එක් විය.