මීනගයා දුම්රියට ගැටී තුවාල ලැබූ වන අලි දෙදෙනාට ප්‍රතිකාර

ඊයේ (19) රාත්‍රී 11.30 පමණ මීනගයා දුම්රියට, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර කි.මී.140 කණුව ආසන්නයේදී අලි රංචුවක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබු අලි පැටවා සහ ගැහැණු සතාට ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම් ප්‍රතිකාර කිරීමට කටයුතු කරමින් සිටියි.

වන ජීවී සංරක්ෂණ දොපර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

සිද්ධිය වූ විගස දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර වැඩිදුර පරික්ෂණ සිදුකිරීමට නියමිත බවද සදහන් වේ.