කැල­ණිය සර­ස­වියේ පුස්ත­කාල තොර­තුරු විද්‍යා අධ්‍ය­ය­නාං­ශ­යෙන් ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණ­යක්…

පුස්ත­කාල හා විඥා­පන විද්‍යා විෂය පිළි­බඳ ශාස්ත්‍ර­වේදී උපා­ධියේ සිට දර්ශන විශා­රද උපා­ධිය දක්වා මූලික උපාධි හා පශ්චාත් උපාධි පාඨ­මාලා මෙන්ම පුස්ත­කාල හා විඥා­පන විද්‍යා­පන විද්‍යාව පිළි­බඳ තුන් අවු­රුදු ඩිප්ලෝමා පාඨ­මා­ලා­වත් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය පුස්ත­කාල හා තොර­තුරු විද්‍යා අධ්‍ය­ය­නාං­ශය විසින් පිරි­න­මනු ලබයි.

ඉන්දි­යාවේ තිරු­චි­ර­ප්ප­ල්ලිහි භාරතී දාසන් විශ්ව­වි­ද්‍යා­ලය මගින් පසු­ගි­යදා පෙබ­ර­වාරි 7 සහ 8 දෙදි­න­ය­න්හිදී ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණ­යක් සංවි­ධාන කර තිබුණි. ප්‍රජාව එකට සම්බන්ධ කිරී­මෙ­හිලා තිර­සර පුස්ත­කාල ගොඩ­නැ­ඟී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ත්වය, තාක්ෂ­ණය සහ සහ­යෝ­ගී­තාව යොදා ගැනීම  තේමාව යටතේ සංවි­ධාන කරන ලද මේ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණ­යට විශේෂ ආරා­ධි­ත­යන් ලෙස විනේතෘ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වීර­සිංහ සහ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වීර­සූ­රිය මහ­ත්වරු සහ­භාගි වූහ.සම්ම­න්ත්‍ර­ණයේ ආරා­ධිත දේශ­නය විනේතෘ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වීර­සිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර සමාප්ති සැසියේ දේශ­නය ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය වීර­සූ­රිය මහතා විසින් සිදු කරනු ලැබීය.