ආදාහනාගාරයේ සිට සමස්ත භාණ්ඩ මිල වැඩි කිරීමට බදු ගසමින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට සහගහන බද්ද හඳුන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.
“මෙවර අය-වැය පිළිබඳව පැවැති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඉතා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුව මාරු වුණාට පරිපාලනය මාරු වුණාට පවත්වාගෙන පැමිණි ආර්ථික දැක්මත් දිශානතියේත් කිසිදු වෙනසක් ලක්වී නැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.
වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලය ලබාගැනීම සඳහා ප්‍රකාශ කළ දේවල් ජනතාව මුළා කිරීම සඳහා සිදු කළ ප්‍රකාශ බව මෙයින් පැහැදිලි වෙනවා.
වර්තමාන ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ ආර්ථික දැක්ම එලෙසම ජාතික ජන බලවේග ආණ්ඩුව පවත්වාගෙන යන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගමන් ගත් ගමන් මාර්ගයේම වර්තමාන ආණ්ඩුව ගමන් කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුව මෙවර ඉදිරිපත් කර ඇත්තේ ජනතාව දැඩි පීඩනයට ලක් කරන ආර්ථික දැක්මක්.
ඒ අනුව මෙවර අය-වැය නව ලිබරල් ධනවාදී බහුජාතික සමාගම් පිනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූත්‍රයේ රාජ්‍ය අය-වැයක්. ඒ අනුව හොඳින්ම පැහැදිලි වෙනවා මේ අය-වැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලැබෙන්නේ නෑ කියලා.”