පාතා­ලය-කුඩු ජාවා­රම මඬින්න උප­රිම ක්‍රියා­මාර්ග ගන්නවා-ඇමැති නලින්ද ජය­තිස්ස

පාතාල ක්‍රියා­කා­ර­කම්, කුඩු ජාවා­රම සහ අප­රාධ ආදිය මර්ද­නය සඳහා අවශ්‍ය උප­රිම ක්‍රියා­මාර්ග ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) අව­ධා­ර­ණය කළේය.

පාතා­ලය, කුඩු ජාවා­රම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණ­නා­වක් සමඟ දැඩිව බද්ධ වී ඇති බවත් මෙම සියලු අප­රාධ මර්ද­නය වෙනු­වෙන් ආණ්ඩුව මේ මොහොත වන විටත් ක්‍රියා­මාර්ග ගණ­නා­වක් අනු­ග­ම­නය කර­මින් සිටින බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඇතැම් පිරිස් මෙරට සිට මෙන්ම විදෙස් රට­වල සිටි­මින් විවිධ අප­රාධ මෙහෙ­ය­වන බවත් විශේෂ කාර්ය බළ­කාය, පොලී­සිය මෙන්ම බුද්ධි අංශ ද යොද­ව­මින් අප­රාධ මර්ද­නය සඳහා උප­රිම මැදි­හ­ත්වීම සිදු­ක­රන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා මේ බව සඳ­හන් කළේ අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය තුළ ගණේ­මුල්ලේ සංජීව නම් තැනැත්තා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

“පාතා­ලයේ මේ කට­යුතු සම්බ­න්ධ­යෙන් ආණ්ඩුව සීරි­යස්ලි කල්පනා කර­නවා. ඒ නිසා මේ මොහොතේ අර­ග­නි­මින් සිටින කරුණු ගණ­නා­ව­කුත් තිබෙ­නවා. විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුත් දන්නවා, කළු සල්ලි, කුඩු, පාතා­ලය ආදි දේවල් තවත් ක්ෂේත්‍ර ගණ­නා­වක් සමඟ සම්බ­න්ධයි. මේ ජාවා­රම්, අප­රාධ සිදු­ක­රන සම­හර අය ඉන්නෙත් ලංකාවේ නෙවෙයි. හොයා­ගෙන යන­කොට ඔබ­තු­මාලා දන්නවා ඇති සම­හර තැන්ව­ලදී ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන් ද සම්බන්ධ වී තිබෙ­නවා. යම් ක්‍රියා­මාර්ග ප්‍රමා­ණ­යක් අර­ගෙන තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම විශේෂ කාර්ය බළ­කාය සහ පොලී­සිය, බුද්ධි අංශ යොදවා තිබෙ­නවා. මේ දේවල් සම්බ­න්ධ­යෙන් ගැඹු­රින් සහ දැඩි අව­ධා­න­යෙන් අවශ්‍ය කඩි­නම් පිය­වර ගන්නවා යැයි ද හෙතෙම කීවේය.