පුස්තකාල හා විඥාපන විද්‍යා විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියේ සිට දර්ශන විශාරද උපාධිය දක්වා මූලික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා මෙන්ම පුස්තකාල හා විඥාපන විද්යාපන විද්‍යාව පිළිබඳ තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවත් කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයනාංශය විසින් පිරිනමනු ලබයි.

ඉන්දියාවේ තිරුචිරප්පල්ලිහි භාරතී දාසන් විශ්වවිද්‍යාලය මගින් පසුගියදා පෙබරවාරි 7 සහ 8 දෙදිනයන්හිදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණි. ප්‍රජාව එකට සම්බන්ධ කිරීමෙහිලා තිරසර පුස්තකාල ගොඩනැඟීමට පුස්තකාලයාධිපතිත්වය, තාක්ෂණය සහ සහයෝගීතාව යොදා ගැනීම තේමාව යටතේ සංවිධාන කරන ලද මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයන් ලෙස විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසිංහ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසූරිය මහත්වරු සහභාගි වූහ.සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනය විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර සමාප්ති සැසියේ දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීරසූරිය මහතා විසින් සිදු කරනු ලැබීය.