දිවයින පුරා පසුගිය 09 වැනිදා විදුලිබල පද්ධතියේ බිඳ වැටීමට හේතුව මෙම බිඳ වැටීමට “ඉරළු ඉරිදා ආචරණය” නැමති සංසිද්ධිය බලපෑම බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම, යථාර්ථයක් වූ පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරියේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැනටමත් දිගු කාලීන ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇති බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ඊයේ නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
එදින විදුලිය බිඳ වැටීමට හේතුව 33kV පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති වූ බාධාව හේතුවෙන්, ජාතික විදුලිබල පද්ධතිය අක්‍රිය වීම ආරම්භ වුනා. එම සිද්ධිය මූලික වීමෙන් එම කලාපයේ වෝල්ටීයතාව ක්ෂණිකව පහත වැටීමක් සිදු විය. මෙම සිද්ධිය වන විට රටේ විදුලි ඉල්ලුමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සපුරාලමින් තිබුණේ සූර්ය පැනල බලාගාර මගින් වන අතර එය 800 MW ක්ද, ඊට අමතරව නොරොචෝලේ ලක්විජය බලාගාරයෙන් 470 MW සහ ජල විදුලි බලාගාරවලින් 130 MW වශයෙනි.
මෙම අවස්ථාවේ ජාතික විදුලි බල පද්ධතියේ සංයුතිය, සූර්ය විදුලි උත්පාදනයේ ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විදුලි බල පද්ධතියේ අවස්ථිතිය ඉතා අඩු අගයක පැවැති බැවින්, බිඳවැටීම්වලට ගොදුරු විය හැකි අවදානම් තත්ත්වයකි. මෙම බාධාව නිසා විදුලි උත්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇති වූ අතර එමගින් පද්ධතියේ එකින් එක විසන්ධි වී සම්පූර්ණ විදුලිය බිඳ වැටීමකට ලක් විය.
පද්ධතියේ බිඳ වැටීම සඳහා දායක වන ප්‍රධාන සාධක ලෙස
ඉහළ සුර්ය බල විදුලි උත්පාදනය සහ පද්ධතියේ අඩු අවස්ථිතිය,
අඩු සමමූර්ත විදුලි ජනනය විසින් පද්ධතිය වෝල්ටීයතා හා සංඛ්‍යාත උච්චාවචනයවලට වැඩි ගොදුරු වීමේ අවධානමක් ඇති කළේය.
සූර්ය PV විසන්ධි වීම” තියුණු වෝල්ටීයතා පහත වැටීමක්, බහු සුර්ය පැනල පද්ධති විසන්ධි කිරීමට හේතු වූ අතර, අසමතුලිතතාව වැඩි වී ජාතික විදුලිබල පද්ධතිය තවදුරටත් අස්ථාවර තත්ත්වයට පත්කිරීම.
නොරොව්වෝලේ විදුලි බලාගාරය පද්ධතයෙන් විසන්ධි වීම:
මෙය පද්ධතියේ අස්ථාවරත්වය නිසා, මෙම බලාගාරය විසින් ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතියේ ප්‍රතිචාරයක් ලෙස පද්ධතියෙන් විසන්ධි වූවා මිස එම බලාගාරයේ අභ්‍යන්තර බිඳ වැටීමක් නිසා සිදුවූවක් නොවේ. මෙම පියවර මගින් විදුලි බලාගාරයට සිදුවිය හැකි විනාශකාරී හානි සහ දිගු කාලීන ඇණහිටීම් වළක්වා ගන්නා ලදී.
මීට අමතරව, මෙම බිඳ වැටීමට “ඉරළු ඉරිදා ආචරණය” නමැති සංසිද්ධිය බලපෑවේය. එනම් බොහෝ කාර්මික හා වාණිජ පාරිභෝගිකයන් නොමැතිවීම නිසා විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම ඉතා අඩු අගයක පැවතීම සහ සූර්යාගේ තීව්රතාවය ඉතා ඉහළ අගයක පැවතීම නිසා සුර්ය පැනල වෙතින් අධික විදුලි ජනනයක් පද්ධතියට එක් වීම නිසා විදුලිබල පද්ධතිය අඩු අවස්ථිතියක ක්‍රියාත්මක කරවීමට සිදුවීම හා එකී තත්ත්වය පද්ධතියේ අස්ථාවරත්වය ඇති කරන ප්‍රධාන තත්ත්වයක්.
රක්ෂණ ශ්‍රියන්ත