2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අය-වැය තුළින් රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩිවීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (18) පැහැදිලි කළේය.
2016 වසරින් පසුව රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප කිසිසේත් වැඩි නොවූ අතර, වසර නවයකට පසුව රාජ්‍ය සේවක මූලික වැටුප වැඩිවූයේ මෙවර අය-වැයෙන් බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මෙවර අය-වැය ඓතිහාසික අය-වැයක් බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවය.
අදාළ වැටුප් වැඩි කිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩු කර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට එක්වෙන බවය.
මූලික වැටුප සමානුපාතිකව වැඩිවන විට එය ඇතැමුන්ට ගණනය කර ගත නොහැකි ලෙස කටයුතු කරන බවත් ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවත් හෙතෙම පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදයට ඊයේ (18) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ වැටුප් වැඩි කිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යන බවයි.
එමෙන්ම ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දළ වැටුප් වැඩිවීමෙන් රුපියල් 7,500ක් අඩු කර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 01 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට එක්වෙන බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
2025 වසර සඳහා වන අය-වැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ජනතාවාදි අය-වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මේ අය-වැය ගැන විපක්ෂයට කියන්න දෙයක් නැහැ. ඊයේ දිනයේදී ඇතැම් මාධ්‍යවේදීන් පවා කිව්වා, වසර තිහක් පුරා මේ පාර්ලිමේන්තුව ඇතුළේ සිට අය-වැය ඇහුවා. නමුත් මෙවර අය-වැය තමයි අර්ථාන්විතම අය-වැය කියලා. ඒක තමයි මුළු රටම කියන්නේ. සමහර ආර්ථික විශ්ලේෂකයින් සාධනීය කරුණු ඉදිරිපත් කරනවා. නමුත් ඇතැමුන්ට මේක දරාගන්න බැහැ. කුහකකම නිසා. මෙසේ අය-වැයේ වැටුප් වැඩිවීම ගැන අදහස් දැක්විය යුතුයි. මෙම වැටුප් වැඩිවීම ඓතිහාසික වැටුප් වැඩිවීමක්. ඉතිහාසයේ රාජ්‍ය සේවකයාට සිදු කළ වැඩිම වැටුප් වැඩිවීම තමයි ඊයේ අය-වැයෙන් සිදු කළේ. මේ අය-වැයෙන් වැටුප් වැඩි කරන විට අපි දායකත්වය ලබා දුන්නා. මෑත ඉතිහාසය තුළ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප් වැඩිවිමක් සිදු වුණේ නැහැ. ඒ වගේම මූලික වැටුප සමානුපාතිකව වැඩි වෙනකොට ඇතැමුන්ට ඒක මැනගන්න අමාරුයි.
මූලික වැටුප රු 15,750ක් දක්වා වැඩි වෙනකොට අපි හංගලා නෑ. අපි කියලා තියෙනවා. මේ වන විට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු පියල් 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා. බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ.
ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රුපියල් 5,975කින් වැඩි වෙනවා.ඒක තමයි රුපියල් 40000 දක්වා වැඩි වෙන්නේ. අපි කොහෙවත් වහලා ගහලා නැහැ. ගණිතය බැරි අයට මේවා කියලා වැඩක් නැහැ. රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් දෙනවා. ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක්. තව දෙනවා, පසුගිය කාලේ දීමනා දෙකක් ලෙස රුපියල් පන්දහසක් සහ දෙදහස් පන්සියයක් ලෙස හත්දහස් පන්සියයක් වැඩි වෙනවා. මෙන්න මේ 7500 අර මුදලට එකතු වෙනවා. ඉතිරි අගයෙන් තමයි මේ අප්‍රේල් මාසයේ සිට රුපියල් පන්දහසකුත් ඉතිරි මුදලෙන් 3250 න් 975 කුත් වැඩි වෙනවා. සමහරු කියනවා රුපියල් 165 කින්ලු වැඩි වෙන්නෙ.
ඒ වගේම රාජ්‍ය සේවයේ සෑම කෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු. 450 දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩි වෙනවා.
ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN – 1 – රුපියල් 28,940 වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රුපියල් 40,000 බේසික් එකට 17,800 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ සේවයට එන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.
මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු පියල් 54,290යි. එය රුපියල් 91,750 දක්වා බේසික් එක වැඩි වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි, ඒකෙන් 7,500ක් අඩු කරාම රුපියල් 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩි වීමෙන් රුපියල් 7,500ක් අඩු කරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 01 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් 13,988කින් වැඩි වෙනවා.
දැන් පැයකට ගෙවන්නේ රුපියල් 687යි ඕටි එක. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රුපියල් 764ක් වෙනවා. වැරදි විදිහට මේවා විග්‍රහ කරනවා. වැරදි මත හදනවා.
ඒ වගේම සංවර්ධන නිලධාරියකුගේ වැටුප 37260යි. ඒ අයගේ වැටුප 63440 දක්වා වැඩි වෙනවා. එතන වෙනස 26187ක්. අන්න ඒකට සියයට තිහක් වැඩි වෙනවා, මේ අයගේ වැටුප 10600 කින් වැඩි වෙනවා අද බැඳෙන අයට. අවුරුදු දෙක තුනක් ඉන්න අයට මීට වඩා වැඩියි.
ඒ වගේම කළමනාකරණ සහකාර සේවයත් ඒ ආකාරයෙන්ම වැඩි වෙනවා. ඒනිසා බොරුව සමාජගත කරන්න එපා. වෘත්තීය සමිති නායකයෙක් ලෙස ඊයේ සිට මට චෝදනා කරනවා. අපි ඒවට සැලෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවේ කිසිවෙක් සැලෙන්නේ නැහැ .ජනාධිපතිවරයාට, අගමැතිවරයාට පවා විවිධ අවලාද නඟනවා. මේ අවුරුදු පහ තුළ මේ රට ගොඩනඟලා මිස අපි ආපසු හැරෙන්නෙත් නැහැ.
ගුරු වැටුප ගැනත් කිවයුතුයි. ගුරු සේවයේ අවම වැටුප 31490ක්. උසස් පෙළින් අද දවසේ ගුරු සේවයට එකුතුවන අයකුගේ. වසර තුනක් ඇතුළත ඒ අයගේ වැටුප 53060 දක්වා වැඩි වෙනවා. වැටුප් වර්ධකය රුපියල් 800 ක් වෙනවා. අප්‍රේල 01 වනදා වන විට 7721ක වැටුප් වැඩි වීමක් සිදු වෙනවා. ගුරුවරුන්ට. අවුරුදු පහක් ගිය කෙනෙකුගේ වැටුප 8253 කින් වැඩි වෙනවා. මේ සමඟ තවත් වැටුප් වැඩි වෙනවා. මේ මොහොතේ ගුරු සේවයට එකුතු වන උපාධිධාරි ගුරුවරයකුගේ වැටුප 50020ක් ඉක්මවනවා. ඒ අයගේ වැටුප 67000ක් ලෙස සකස් වෙනවා. අප්‍රේල් 01 වනදාට ගුරු සේවයේ දෙකයි දෙක ශ්‍රේණියේ ගුරුවරයෙක් ගෙදර ගෙනයනවා 50220ක් සමඟ තවත් 17500ක්. 73350ක් ඔක්කොම. ඔහු වසර පහක් දෙකයි දෙක සේවයේ සිටි කෙනෙක් නම් 10500 කින් වැටුප් වැඩි වෙනවා. දෙකයි එකේ ගුරුවරකයකුගෙ වැටුප දැන් 41000 ඉක්මවනවා. එය 83000ක් වෙනවා. අද ගුරු සේවයට දෙකයි එකට යන කෙනෙකුට 11500ක් වෙනවා. වැටුප් වර්ධක ලබපු අයට ඊට වඩා වැඩි වෙනවා. පළමු පන්තියේ ගුරුවරයකුගේ වැටුප දැන් 56000ක් ඉක්මවනවා. ඒක වසර තුනක් ඇතුළත 98000 දක්වා වැඩි වෙනවා. වැටුප් වර්ධකය 2940 දක්වා වැඩි වෙනවා.
විදුහල්පති පන්තියත් මේ ආකාරයටම වැඩි වෙනවා. විදුහල්පති සේවයේ තුන්වන පන්තියේ කෙනෙකුට 42175ක්. ඒක 72000 ඉක්මවා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ දෙක පන්තියේ අයගේ වැටුප දැන් 48000ක් ඉක්මවා තිබෙනවා. එය වැඩි වෙනවා. 86370 දක්වා වැඩි වෙනවා. විදුහල්පති තුන්වන ශ්‍රේණියත් මේ ආකාරයටම වැඩි වෙනවා. විදුහල්පති දෙක ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 12500ක්. විදුහල්පති සේවයේ පළමු පන්තියේ වැටුප් වැඩිවීමත් විශාල ලෙස සිදු වෙනවා.