වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට සති දෙකක පමණ කාලයක සිට පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම බලන්ගොඩ ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන් පහත බැස තිබෙයි.
වලවේ ගඟ පෝෂණය වන බලන්ගොඩ වලේබොඩ ජල පෝෂක ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ ජල උල්පත් සහ ඇළ දොළ සිදි යැමට පටන් ගෙන ඇත.
මේ හේතුවෙන් ඒවායින් පෝෂණය වන වලවේ ගඟේ ජල මට්ටම මෙලෙස අඩු වි තිබෙයි.
කෙටි වියළි කාලගුණික තත්ත්වයක් හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම මෙතරම් අඩු විිම මීට පෙර වියළි කාලගුණය පැවැති කාලවලදී දක්නට නොලැබුණ බව ප්‍රදේශවාසීන් පවසයි.