යුරෝපීය කොමිසමෙහි සමුද්‍රීය කටයුතු සහ ධීවර කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයෙහි (DG MARE) නියෝජිත දූත පිරිසක් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් පසුගියදා ධීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු වූහ.
ශ්‍රී ලංකාවේ ධීවර කළමනාකරණ පිළිවෙත් සමාලෝචනය කිරීම සඳහා සමුද්‍රීය සහ ධීවර කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයෙහි (DG MARE) නිලධාරීන් සතියක කාලයක් ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරමින් සිටී. ඔවුන්ගේ සංචාරය තිරසර ධීවර පාලනය පිළිබඳ යුරෝපා සංගමයේ මාර්ග සිතියමට ශ්‍රී ලංකාව අනුකූලද යන්න තක්සේරු කිරීම සහ 2026දී ක්‍රියාත්මක වන නව ඩිජිටල් catch certificate ක්‍රමය හඳුන්වා දීම යන මූලික අරමුණු දෙක ඉටු කරයි.
2015දී පනවන ලද ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමේ අංගයක් ලෙස, නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම මැඬපැවැත්වීම සඳහා පියවර මාලාවක් ගෙනහැර දක්වමින් යුරෝපා සංගමය (EU) ධීවර අමාත්‍යාංශයට මාර්ග සිතියමක් ලබා දෙන ලදි. ගෝලීය ධීවර කළමනාකරණ ප්‍රමිතීන්ට රට අඛණ්ඩව අනුගත වීම සහතික කරමින්, මෙම පියවර ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කමිටුව පුළුල් සමාලෝචනයක් පවත්වයි.
මේ කටයුතු පිළිබඳව ද සඳහන් කරමින්, තිරසර ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයේ ස්ථිර කැපවීම අැමැති රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කළේය. දිගු කලක් ප්‍රමාද වූ නව ධීවර පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර සිදුවෙමින් පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මෙන් මොරේනෝ (Carmen Moreno), DG MARE අංශයේ අධ්යක්ෂ ෆර්නැන්ඩෝ ඇන්ඩ්රසෙන් ගිනාරේස් (Fernando Andreson Guinares) DG MARE අංශයේ ප්‍රධානී රොබර්ටෝ සෙසාරි (Roberto Sesari), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ දේශපාලන, මාධ්‍ය සහ තොරතුරු අංශයේ ප්‍රධානි ලාර්ස් බ්ර්ඩල් (Lars Bredel), ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරු ද සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන