නොරොච්චෝලේ සක්‍රියයි විදුලිය දිගටම

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඇතුළු සියලුම විදුලි බලාගාරවලින් මේ වන විට මුළු දිවයිනටම අවශ්‍ය අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අක්‍රියවී තිබූ ජනන යන්ත්‍ර තුනම යථා තත්ත්වයට පත් කර ඇති අතර එයින් ජනන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර ඇති අතර එක් යන්ත්‍රයක් හදිසි අවශ්‍යතාවකදී වහා භාවිතයට ගැනීමට සූදානමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

පසුගියදා පානදුර ග්‍රිඩ් උප පොළේ ඇතිවූ හදිසි තත්ත්වය මත බිඳ වැටී තිබූ දිවයිනේ අඛණ්ඩ විදුලි සැපයුම වහා යථා තත්ත්වයට පත් කිරීමට විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හැකිව තිබුණි.

රක්ෂණ ශ්‍රියන්ත,

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ