අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක්

2025 අයවැය තුළින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීමේ අරමුණ පෙරදැරිව බොහොමයක් තීරණ තීන්දු නව රජය විසින් ගෙන ඇත. එහි දී තිරසාර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසර සහ සංවර්ධනය අතර සම්බන්ධතාව, පාරිසරික යහපාලනය, පාරිසරික ආරක්ෂාව සඳහා මෙවර ඇයවැය පාරිසරික ජීවී අජීවී සියලු සත්වයන් සඳහා සාධාරණ විසඳුම් සපයනු ඇත.

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන – ශ්‍රි ලංකාව සහ සමස්ථ ශ්‍රි ලාංකීය සමාජය ඉහළ මට්ටමකට තිරසාරව ඔසවා තැබීම සඳහා සමාජීය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ ආචාරධර්ම සංවර්ධනය යන ප්‍රධාන කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනකි. විශේෂයෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වෙරළ තීරය  ආකර්ෂණීය සහ පාරිසරිකව තිරසාර ලෙස නිර්මාණය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ගංගාවල ජලයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම ආදී ක්‍රියාපිළිවල් සඳහා සහයෝගය ලබා දෙන්නන්ගේ මූල්‍යමය දායකත්වයට අමතර වශයෙන් 2025 වසරේ රාජ්‍ය අයවැය මගින් රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය රටේ බොහෝ ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ යමින් පවතින ගැටලුවකි. ‍මෙයට මුහුණ දීම සඳහා, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.  විශේෂයෙන් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිරසර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පවත්නා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සහ ඊට ඍජුව අදාළවන අනෙකුත් ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් සමාලෝචනය කර ජාතික ඝල අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ සැලසුම් සම්පාදනය කරමින් ක්‍රියාත්මක කිරීමට මේ හරහා සිදුවේ.

අලිමිනිසේ ගැටුම් අවම කිරීම සහ වන සංරක්ෂණය– වන අලින්ගෙන් සිදුවන බෝග හානි, දේපළ විනාශය සහ ජීවිත හානි අවම කිරීම සඳහා පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා කිලෝමීටර් 5,611 ක පමණ විදුලි වැටවල් වැඩිදියුණු කිරීම ඇතුළත් වන අතර, ප්‍රතිසංස්කරණය සඳහා කිලෝමීටර් 1,456 ක් හඳුනාගෙන  ඇත. මීට අමතරව, වැට දිගේ ආරක්ෂක කණු ඉදිකර අවශ්‍ය උපකරණ මිලදී ගනු ලැබේ. මීට අමතරව ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, වඩා හොඳ තණබිම් කළමනාකරණය සහ වැඩිදියුණු කළ ජල මූලාශ්‍ර හරහා අලි වාසස්ථාන වැඩිදියුණු කරනු ලැබේ. මෙම උත්සාහයන් සඳහා රුපියල් මිලියන 300 ක් දැනටමත් අයවැය තුළ වෙන් කර ඇත. ‍

 තවද, වනජීවී කලාප කාර්යාල, ආරක්ෂක කාර්යාල සහ බීට්ටු නිලධාරීන් ඇතුළු කාර්යාල 270 ක ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර ති‍බෙනවා. මෙම අරමුදල් විදුලි වැට නඩත්තු කිරීම, වාහන සහ බෝට්ටු නඩත්තු කිරීම, වනජීවී අපරාධ වැළැක්වීම සහ අලි- මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන සමස්ත උත්සාහයන් සඳහා සහාය වනු ඇත. එවැනි ගැටුම්වලට ගොදුරු වූවන් සඳහා වන්දි වශයෙන් අතිරේක රුපියල් මිලියන 240 ක් වෙන් කර ඇති අතර, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 දක්වා වැඩි කර ඇත. එපමණක් නොව, ස්වභාවික පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීම සහ වන විනාශය ආමන්ත්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 1,050 ක් වෙන් කර ඇත. මෙම අරමුදල් නැවත වන වගා ප්‍රයත්න, වන සංරක්ෂණ මුලපිරීම්, වාණිජ වන වගා ව්‍යාප්තිය, පාරිසරික ආරක්ෂාව සහ කඩොලාන කළමනාකරණයට සහාය වනු ඇත. එය පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට පහසුකේ සැලසීම, වන ආවරණය වැඩි කිරීම, ලැව් ගිනි අවම කිරීම සහ වනාන්තර ආශ්‍රිත අපරාධ වැළැක්වීම සඳහා ද කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

ආපදා හානි – ආපදා නිසා ජීවිත අහිමි වූ සහ ස්ථිර වශයෙන් ආබාධිතභාවයට පත් වූ පුද්ගලයන්ට මේ වනවිට ලබා දෙන රු. 250,000 ක වන්දිය වෙනුවට ස්වභාවික ආපදා සහ වන සත්වයන්ගෙන් සිදුවන හානි නිසා සිදුවන මරණ හා ස්ථිර ආබාධිත තත්වයන් සඳහා ගෙවන වන්දි මුදල රු1,000,000 දක්වා ඉහල නැංවීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. තවමත් වන්දි නොලැබුණු දේපොල – විශේෂයෙන්ම, ආපදාවන් නිසා හානියට ලක් වූ ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ මධ්‍යස්ථාන ආදී වූ  දේපොල සඳහා රුපියල් මිලියන 2.5  වන්දි මුදලක් ලැබෙන යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

 ප්‍රජා ජලසම්පාදන යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම– විශේෂයෙන් ජල ආවරණය සීමා සහිත ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා මූලික ජල සම්පාදන යෝජනා  ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය විසින් අවබෝධ කරගෙන ඇත.  නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇතුළුව ජලය හිඟකමින් දුෂ්කරතා ඇති ප්‍රදේශවල අවදානම් තුරන් කිරීම මගින් ග්‍රාමීය ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, සම්පූර්ණයෙන් ම පිරිපහදු කළ පානීය ජලය සැපයීම සඳහා ප්‍රජා මූලික ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම එවැනි ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත. ඒ අනුව, 2025 වසර සඳහා ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව යටතේ යටපත් අයවැය ඇස්තමේන්තුවලින් වෙන් කර ඇති රුපියල් මිලියන 2,000 දැනටමත් ආරම්භ කර ඇති ප්‍රජා ජලසම්පාදන යෝජනා ක්‍රම අවසන් කිරීමටත්, නව ප්‍රජා ජල යෝජනාක්‍රම ආරම්භ කිරීමටත් යෙදවීමටත් යෝජනා කර ඇත.

 තිරසාර මූල්‍යකරණය– පාරිසරික, සමාජ සහ පාලන යන ක්ෂේත්‍ර මත පදනම් වූ මූල්‍යකරණයේ සමෘද්ධිමත් පරිසර පද්ධතියක් පපෝෂණය කිරීම සඳහා රජය තිරසාර මූල්‍යකරණයේ අවස්ථා ප්‍රයෝජනයට ගනු ඇත. දේශගුණික විපර්යාස සඳහා වන මූලික ක්‍රියාමාර්ගයන් සහ ඒ ආශ්‍රිත ප්‍රයත්නවල සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින තිරසාර මූල්‍ය සංචිත වෙත ප්‍රවේශ වීමට පරිසර අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව සමඟ එකිනෙක සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරනු ඇත.