සමස්ත දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් තුළ බවත්, ගුරු – ශිෂ්‍ය සබඳතාවය ගුණාත්මක තත්ත්වයක තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
යාපනය, කෝපායි හි පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වන සැමරුමට සහභාගී වෙමින් ඊයේ (15) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මෙ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
අපි අපේක්ෂා කරන ඉලක්ක වෙත ළඟා වෙන්න වගේම සැබෑ ශිෂ්ඨ සම්පන්න, සංවර්ධිත රටක් නිර්මාණය කිරීමට නම් ඉහළ තත්ත්වයේ අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශ්‍යයි.
මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමේ ක්‍රියාවලිය අපි ආරම්භ කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත්, මේ රටේ සෑම දරුවෙකුටම උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව තිබිය යුතුයි. ඒක අපේ රජයේ ඉලක්කයක්, කිසිම දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැතිවෙන්න බැහැ, අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු වන සෑම ළමයෙකුටම මහ සමාජයට යන්න තියන හැකියාව ගැන විශ්වාසයක් තිබිය යුතුයි. අනාගත ලෝකයට මුහුණ දීමට විශ්වාසයක් ඇති විය යුතුයි.
අපි දිවා රෑ වෙහෙසෙනවා, ඒ අරමුණ සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත් කිරීමට. ඒ ගමනේදී ගුරුවරුන් තීරණාත්මක කොටසක්, දරුවන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක්, ඉගෙනුම් පරිසරයක් සහතික කිරීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගුරුවරයාගේ හැකියාව, නිපුණතාවය, ආකල්පය සහ ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තියන සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය මත.
ගුරුවරුන්ට දරුවන්ගේ ජීවිතයට අතිශයින්ම ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි. දරුවන්ගේ අනාගත ජීවිතය විනාශ කරනවද යහපත් අනාගතයක් නිර්මාණය කරනවද යන්න රඳා පවතින්ගේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් තුළයි.
විද්‍යාපීඨයෙන් ගුරුවරුන් ලෙස ඉවත්ව යන සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත්, ඉගැන්වීම තවත් එක රැකියාවක් නොව වෘත්තියක් බවත්, දරුවන්ගේ අනාගතය සහ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ගුරුවරුන් අත බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අනතුරුව විද්‍යාපිඨයේ පවතින අඩුපාඩු සහ පහසුකම් පිලිබඳ නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු නිලධාරීන් එක් වූහ.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පලාත් ආණ්ඩුකාර එන්. වේදනායගම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාපීඨ ආචාර්යවරුන්, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

