එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15 ) පෙරවරුවේ ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් සංවිධාන කරනු ලබන “ඉන්දියන් ඕෂන්” විශේෂ සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඕමානය බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.
ඔහු එම සමුළුවෙන් අනතුරුව බදාදා (19) දින යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන් දින කිහිපයකට පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.