අද වන විට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මැත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ හේතුව නිසා විදේශ ආයෝජකයන් රට අතැර යන බවත් රට තුළ සිදුවන ආයෝජන විනිවිදභාවයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුව සිදුවිය යුතු මෙන්ම ආයෝජකයන් රදවා ගන්නත් රජයට හැකිවිය යුතු බව ඒ මහතා සඳහන් කර සිටියා.
2028 වර්ෂය වන විට ණය ගෙවන්න ඇති නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
ප්‍රධාන කරුණු කාරණා 10ක් මුල්කරගත් සමගි ජන බලවේගයේ මතය එළිදක්වා ඇති නිසා ඒවා ජනතාවට ගෙන යා යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කිියා සිටියේ අද (15) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී.
රට ණය වී ඇති ණය හා පොලි ගෙවීමට නම් ඉහළ ආදායමක් සහ සාර්ව ආර්ථික ඉලක්ක සම්පුර්ණ කර ගත යුතු බවත් එවිට රටක් ලෙස ගොඩ යා හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.